රෑ තිස්සේ පාඩම් කරලා ජෝගි නටල පිස්සු කෙලලා පට්ට බඩගිනියි. දෙයියන්ට පිං සිද්ද වෙන්ඩ බෝඩිම ගාවම නයිට් කඩයක් තිබ්බයි කියමුකෝ. හප්පේ ............ රෑ 12 1 වෙනකන් එරල තියෙන කෑම කඩයක් බෝඩිම ගාවම තියෙන එක දාහකින් සම්පතයි. ඔන්න ඉතිං අපේ එව්වොන්ට පට්ට බඩගිනියක් දැනිල ප්ලේන් ටී එකක්වත් බොමු කියල නයිට් කඩේට ගියා.
ප්ලේන් ටී බොඳ ගියාට මොකද වෙන කාටදෝ දාන කොත්තුවක් දැකල අපිටත් කටට කෙල උනපි.
"අයියා, අපිටත් චිකන් කොත්තුවක් දාන්ඩ. ඉතා ශීලවන්ත වුත් හැදියාවක් සහිත වුත් ම විසින් එසේ ප්රකාශ කරන ලදී.හැක හැක හැක...."
තුක් නොදකින් මෙහෙව් යාලුවෝ.ප්ලේන් ටී බොන්ඩ ආපු එවුන් දැන් මගේ කොත්තුවට කෙලින්ඩ තොල මැදගෙන බලාගෙන ඉන්දපි.මොනවා කරන්නද, කරුම තියේනං මැරිලා හරි ගෙවල ඉවර කොරන්ඩ එපැයි.
ටීවී පෙට්ටියත් වැඩ.කොත්තුව දානකන් වටපිට බැලුවම තමා එකත් දැක්කේ.
හප්පට බොල...... මෙන්න අර නයෙක් නිසා කරලියට ආපු නයි කෙල්ල නයිට් කඩේ....... හප්පේ ලස්සන.. නයාගේ නෙවේ කෙල්ලගේ. මන් හිතාගෙන හිටියේ නිකන් පට්ට කළු, කෙට්ටු, බුලත් කාල කට රතු වෙච්ච, නහය විදපු අහිගුන්ටක ගෑනියෙක් වගේ එකියක් කියල. බලන්ඩ එපායැ හැඩ. කොන්ඩේ කෙලින් කරලා අයි මීන් ඉස්ට්රෙට් කොරල, මේක් අප් දාල, ලස්සන ඇඳුම් ඇඳල පිස්සු හැදිලා අයෙත් පිස්සු හැදෙනවා දැක්කම. ඒ උනාට අර කොහෙවත් යන නයි පාඩියෙක් කරේ දාගෙන කොමල පානකොට ඇගේ මයිල් ඉස්මයිල් වෙලා කුජීත හැගීමක් මුසු වූ මහා අප්පරසන්න ගතියක් දැනෙනවා.ඊඊඊඊයැක්........ තුක්.....
කෙල්ල නයිට් කඩේ කිව්වට ඇත්තවශයෙන්ම හිටියේ රූප පෙට්ටියේ වැඩසටහනක.කඩේ හිටපු හැම එකාගෙම ඇස පෙට්ටිය දිහාවට.අයි මීන් රුඋප පෙට්ටිය.කොත්තු අංකල් ටීවී එක දිහා බලාගෙන කොත්තුව දානවා.කොත්තුව කොහෙවත් අංකල් දාගෙන කොටනව කොත්තු ලෑල්ලට.නාකි විසේනේ.පව් අප්පා අහිංසක මනුස්සය හැබැයි.ඒ අතරේ අපේ මිස්ටර් කුපා ගෙ ඇස උලුක් වෙලා ඇස දොට්ට පැනල ටෝයින්ග් ටෝයින්ග් ගගා දුවනවා ටීවී එක දිහාවට.දිවත් දොට්ට පැනල දිව පෑගෙනවා.හරිම ජුගුප්සාජනකයි හැසිරීම.
හැක හැක හැක........
කොහොමෙන් කොහොමහරි කොත්තුවත් ආවා.අලුත දැම්ම අසූචි ගොඩට නිල මැස්සෝ වහන්නා සේ මගේ කොත්තුවට කට්ටිය පිරුන.
"හනේ යකෝ රටකට වෙච්චි දෙයක්.අහිංසක නයෙකුට ඉන්ඩ දෙන්නෑනේ අද කාලේ." බිත්තර ආප්පයක් කකා හිටපු නාකියෙක් කියපි.
"නයි කොයි රටේද බොල අහිංසක." අහන්න හිතුනත් අහක තියෙන බටර් පු** ගාගන්න ඕන නැති නිසා කට වහගෙන හිටිය.
ඒ අස්සේ මේ අපේ ගොන් හිවලෙක් කියපි "පව් බං නයා.උට උගේ නිදහසේ ඉඳ නෑනේ.නයාව විකුණන් කාල ජීවත් වෙනවා.ඕකිට ඕව පල දෙනවා " කියල.
නයාගේ අයිතිවාසකම් ගැන කතා කරන අපේ සද්ගුණවත් උත්තමයා ඒ කතාව කිව්වේ "චිකන් " කොත්තුවක් කකා බව උටම අමතකයි.අඩු තරමේ නයා කකා බිබී ජීවත් වෙනවා. දවස ගානේ මැරෙන කුකුල්ලු,හරක්,එළුවෝ උන් පව් නැද්ද. ඒ පලහිලව්ව අස්සේ මොකද්දෝ පරිසර සංවිධානෙකින් අර කෙල්ලට නඩු දාන්ඩ යනවලු නයාගේ අයිතිවාසකම් කඩ වෙනවාය කියල.
යකෝ එතකොට අර දවස ගානේ මරණයට ගොදුරු වෙන අහිංසක සත්තුන්ගේ අයිතිවාසකම් කඩ වෙන් නැද්ද.උන් වෙනුවෙන් කතා කරන්න අහවල් එකෙක්ද. මන් කෙල්ලගේ පැත්ත ගන්නවා නෙවෙයි ඔයි. මන් මේ කියන්න ට්රයි කොරන්නේ ඇයි අර අනිත් අහිංසක සත්තු වෙනුවෙනුත් කතා නොකරන්නේ කියල.
අනේ ඉතිං අපිටත් තියෙන ප්රශ්න. තියෙන දෙයක් කාල පාඩම් කරලා විබාගේ ගොඩ දාගන් නැතුව මගුලක් කතා කරනවා.
කොත්තුව කාල ප්ලේන් ටීත් බීල සභාව සතුටින් විසිර ගියෝය.
ආයු බෝ වේවා එහෙනං ! ! ! ! ! !
No comments:
Post a Comment