ඔන්න ඉතිං නිවාඩුවට ගමේ ගියපු මන්දමානසික ආපහු මාලිගාවට වැඩම කරපි.මිස්ටර් නොනාන සමග විවිධාකාරයෙන් වල්පල් වලට සමවැදී පැය තුන හතරක් තිස්සේ චාටර් කාල කාල අමාරුවෙන් ප්‍රාන්තයට ගොඩ බැස්සෙමු.බ්ලොගයට ලැබුණු ප්‍රතිචාර හොඳ මට්ටමක තිබුණු නිසා හිතටත් ජුන්ඩක් හැපී.
ඒ අතරෙ බ්ලොගය කියවන්ඩ අමතක උන මහා රජාණෝ මේස් ගඳින් පිරුණු, කිලිටි ඇඳුම් තැන තැන දමා හැඩ කරපු මා වැඩ සිටිනා සඳුන් කුටියට බූරුවකු පිට යන හැලි වඳුරු ලීලාවෙන් ආපි.
"මේකද අර ලිව්වය කියපු බ්ලොග් එක." මහරජාණෝ තෙපළේය. හැක හැක.
"ඔව් බං."මාත් වැඩි වදන් දමා උදහසට ලක් නොවී කෙටියෙන්ම පිළිතුරු දුන්න.
මෙන්න මෑන්ස් ටික වෙලාවකින් තනියම හිනා වෙනවා. එත් කතා වල අන්තිම හරිය හොඳ මදිලු.මන්ද මානසික එකත් කොමන්ටුවක් හැටියට බාරගෙන අද පටන් කතා අවසානය ගැන මීට වැඩ උනන්දුවකින් වැඩ කිරීමට හිතාගත්ත.
****************************************************
පළවෙනියට දැම්ම අර පෙරවදන වගේ එක කියවල හිනා වෙලා අන්තිමට මාව හඳුන්නල දෙනකොට මෑන්ස්ගේ රැවුල ටික ටික එල්ලෙන්නට පටන් ගත්ත.තව ටිකක් කියවනකොට හොම්බත් එල්ලෙන්න ගත්ත.මොකක්දෝ නමුත් අනතුරක සේයාවක් මට නිකන් ඉවෙන් ඉවෙන් වගේ දැනුන.
"මේකෙ උඹ ගැන මොනවද මේ කියල තියෙන්නෙ.යකෝ අපි හැම එකාවම කාල කාල උඹ නිකන් සුද්දවන්තය වෙලානේ."
අප්පද බොල.මහරජා උදහස් වෙලා.හැක හැක හැක.
මේ කියන්නේ "මම - ඉහත කී දුරාචරයන්ගෙන් මිදුණු හතර පෝයට සිල් ගන්නා ඉතා අහිංසක බුවෙකි.(ඉෆ් යූ නෝ වට් අයි මීන් :ඩී)" මෙන්න මේ වාක්‍යය ගැන.
"යකෝ අපිත් ලියනවා බ්ලොග්.ඇයි අපිට ලියන්න බැරිද.වරෙල්ල බං අපිත් ලියමු බ්ලොග්."
එන පොට හොඳ නෑ.ආත්මගරුත්වය ලාබෙට කෙළෙසෙන සිද්ධිමන්ට් එකක් වෙනයි යන්නේ.
හරි ඉතිං ඕකට අඬන්න ඕනයැ.මහා රජා ඇතුළු ජිල්බු පිරිස පවසන පරිදි
"මම වනාහී මොන්ටිස්සොරි නොගියපු, පොඩ්ඩ ඇත්තන් මොංගල් කෙලින, ගොන් වැඩ ම කරන, නිදාගත්තම හරිම හොඳ තව තව එක එක ජාතියේ ගතිගුණ ඇති බුවෙක්මි."
ඒ උනාට මට මම අහිංසකයි.හා නැද්ද???????????????
ආයු බෝ වේවා එහෙනං ! ! ! !
[මහරජා ඇතුළු ජිල්බු පිරිසගේ උදහසට ලක්වීම නිසා ලියූ කතාවෙකි.ඊළඟ කතාව පට්ටයි.කීප් ඉන් ටච් එහෙනං ඈ...........]
No comments:
Post a Comment