ෆස්ට් ඔෆ් ඕල් අපේ කට්ටිය ගැන තතු පහත පරිදි වේ.
- මහරජාණෝ - කරන කියන සියල්ල මොහුගේ අභිමතය පරිදි සිදුවිය යුතුය.නැතහොත් හොම්බ හැට රියනක්ද රැවුල තවත් රියනක්ද එල්ලාගෙන බුම්මාගෙන සිටී.
- යුවරජ හෙවත් මිස්ටර් බීබී - මහරජානන්ට නොදෙවෙනි කතන්දර කීමෙහි මහත් සමතෙකු වන මොහුගේ කතා අසන විට බීරොත් කන් වසාගනී.
- මිස්ටේර් ජීජීබී - නමේ තේරුම පැවසිය නොහැක.පොඩි දේ ගැනත් ලොකුවට සිතන අව්ලක් ගිය විට ඇහිබැම නළලට යන ඉතා සුන්දර අහිංසක ලාමක පොඩි එකෙක් වැනි චරිතයකි.
- මිස්ටර් නොනාන - අපේ සෙට් එකේ ඉතාම ආතල් සහිත වුත් LOL සහිත වුත් අහිංසක මලක් වැනි ටිකක් ගඳ චරිතයකි.
- මිස්ටර් හිප්හොප් - කැසිකිලි යාම විනොන්දාශය කරගත් හිප්හොප් විලාසිතා අනුකරණය කිරීමෙන් බුවෙකු යැයි සිතාගත් ලොවම තතු සැනෙකින් ලබාදෙන ජංගම වසිකිලියකි.
- ජෝන්ටි - අහිංසක පරිත්‍යාගශීලී මිස්ටර් නොනානට නොදෙවනි බොරු කීම විනොන්දශය කොටගත් හීන්දෑරි අමුතු චරිතයකි.
- ගල් අයියා - කොල්ලන්ව බය කිරීමට ඉතා ගිජු කමක් දක්වන තම මිතුරන් ගැන සොයා බලන ඉතාමත්ම LOL සහිත වූ පට්ට බුවෙකි.
- කුපා - නොහොබිනා බැලුම් නිසාම නමක් සාදාගත් මොහුගේ දෙඇස් ගෑනු ළමයෙක් දුටු විගස කන්නාඩි දෙකත් පලාගෙන දොට්ට පනී.
- ප්‍රොෆෙසර්ර් බෘන්ගරාජ - සියල්ල දන්නා බව සිතා සිටින ආදරය කිරීමට තැනක් නොතැනක් නොමැති
මහම මහා මොන්ගල් හිවලෙකි. - මම - ඉහත කී දුරාචරයන්ගෙන් මිදුණු හතර පෝයට සිල් ගන්නා ඉතා අහිංසක බුවෙකි.(ඉෆ් යූ නෝ වට් අයි මීන් :ඩී)
පළමු පෝස්ටුවෙන් ගත යුත්තක් නෑ ඇත්තටම.අනාගත කාලයේදී පළ වීමට නියමිත කතා වල අන්තර්ගත වන චරිත ටික අඳුන්නල දුන්න එක තමා කොරේ.
නුදුරේදීම හරවත්, LOL සහිත, මොංගල් භරිත කතා ටිකක් කතා අහුරෙන් එලියට පනීවි.
ඔව්ව කියන්ඩ ගිහින් අපේ එව්වෝ තරහ වෙයිද මන්ද.... හැක හැක හැක......
ආයුබෝ වේවා එහෙනං ! ! ! ! ! !
නුදුරේදීම හරවත්, LOL සහිත, මොංගල් භරිත කතා ටිකක් කතා අහුරෙන් එලියට පනීවි.
ඔව්ව කියන්ඩ ගිහින් අපේ එව්වෝ තරහ වෙයිද මන්ද.... හැක හැක හැක......
ආයුබෝ වේවා එහෙනං ! ! ! ! ! !
No comments:
Post a Comment