Sunday, February 24, 2013

කැපිච්ච අත

"ඕයි.....අපි තේ බොන්න යනව.උඹත් එනවද.".... නැගිට්ට ගමන් තේ බීමේ අවශ්‍යතාවය ඇති ජෝන්ටි මලේ මාව කූද්දල අහපි.නිදි වගේ උන්නට මොකෝ මාත් බඩගින්නෙ හිටියේ.සුරුස් ගාල මූණ කට හෝදගෙන බො***ක් එහෙම දාල මාත් ගියා ඩොන් අංකල්ගේ කඩේට කේක් කෑල්ලක් කාල තේ එකක් බොන්ඩ. බෝඩිමෙන් දොට්ට බැස්ස විතරයි මෙන්න අපේ කොල්ලෝ සෙට් එකම පැණි හලන මාර දුතිකාව ඉස්සරහ කඩේට වෙලා ඇඹරෙනවා.අපි බලනව කියල දැක්ක විතරයි මෙකි නිකං අපි කරපු දෙයක් වගේ හොරෙන් බල බල බොරු බිසී ඇක්ටින් පාරක් දැම්ම.
තුක් නොදකින්.උදේ දාපු බො** ලස්සනයි මේකිට වඩා.යකෝ මුන්ගේ ගණන්.ඇති මගුලකුත් නෑ ඒ උනාට මොකෝ එංගලන්තේ මහා රැජිනටත් හපන් මේකිගෙ ගණන්.(එංගලන්තෙ මහා රැජින කියලත් මාර කෑල්ල යැ.නිකන් කටට ආවට කිව්වේ..)

"අපිට කේක් කෑලි 3යි ටී 3යි දෙන්න ." අපි කඩේටත් ආපි.
"කේක් නෑ රොටී දෙන්නද.."
නොදකින් ගොන් මූසලය.යකෝ කේකුයි රොටීයි සංසන්දනය කරන්න පුලුවන්ද.මුගේ අම්******.
අපි ඉල්ලපුවම තමා කේක් නැත්තේ.
"කමක් නෑ රොටී දෙන්න." හිතට ආපු හරුප කෝටියක් එලියට නොදා ශාන්ත ලීලාවෙන් මන් ඉල්ලුව.රොටී එනකං ළඟ තිබ්බ ලංකාදීප පත්තරේ ගත්ත කියවන්න.
කිසිම ගතියක් ඇති නිව්ස් එකක් නෑ.හැමදාම වගේ දූෂණ කේසුයි මිනීමැරුම් කේසුයි තම හැමතැනම.නෑ නෑ ගණන් ගන්න එපා.එව්වා දැන් හරිම නෝමල් නිව්ස් සිරිලංකාවට.
ඒ අස්සේ තමා දැක්කේ කව්දෝ අචල කියල කෙල්ලක්ගෙ අතක් කපල දාල රජයේ ඉස්පිරිතාලෙකින්.දොස්තරලගෙලු වැරැද්ද.කෙල්ල නීතිය හදාරන එකියක්ලු.නඩු දානවලු.කතා ගොඩයි එතන.
"පව් නේද බං.රජයේ එවුන් ඔහොමමයි.ගොන් හැත්ත.හරියට වැඩක් කරන නෑ." ජෝන්ටි මලේ හදවත කැකෑරෙමින්, බුර බුරා නැගෙන මහත් වූ වේදනාවෙන් යුතුව තවත් හරුප 2 3ක්ද සමගින් රාජ්‍ය සේවකයන්ගේ කල්ක්‍රියාව ගැන කෙටි සමාලෝචනයක් කරා.
යකෝ චීත්ත කෑල්ලක් ගෙ හීරුනත් මුට අනුකම්පාව, අපේ එකෙක් මැරිලා කියහන්කෝ මූ හෙල්ලෙයිද  බලන්න.කමක් නෑ ඉතිං කෙල්ල පව් තමා.මටත් හිතින් හිතුන.අර දොස්තර මහත්තුරු ගැන ද්වේෂයකුත් ආවේ නැතුව නොවේ.
තේත් බීල, බඩත් පුරවන් අපි ගිය අපේ මාලිගාවට පොඩියට පාඩම් පාරක් දාන්ඩ.

****************************************

"ඕයි වරෙන්කො ප්ලේන්ටී එකක් බීල එන්ඩ.දොළහමාරට කඩේ වහනවා බං.දැන් 12යි." පාඩම් කරලා හෙම්බත් වෙලා හිටිය මම කස්ටියට යෝජනාව දැම්ම.ඒ උනාට අපේ කාමරේ එවුන් නෙවේ හෙල්ලුනේ.අන්න එකට කුපා.මිනිහ ඇඳගෙනත් ඇවිත්.රයිනයි සුකරයි වගේ නිතරම කුපා එක්ක එකට ඉන්න අපේ ප්‍රොෆෙසර් උන්නැහේත් ආවා.දැන් ඉතිං අපිත් තුන්පත් රෑන වගේ කට්ට කරුවලේ නයිට් කඩේට ගොඩ වැදිච්චි.ප්ලේන්ටීත් ඕඩර් කරපි.මෙන්න බොලේ ටීවී පෙට්ටිය ඇතුලේ අත කැපිච්ච අචල කෙල්ල.
මේකි යකෝ වයින් කොරපු ගිරවෙක් වගේ කියවනවා කියවනවා  ඉවරයක් නෑ.දොස්තරලගෙ රෙදි ගලෝනවා.
ඒකිට කෝටි කීයක්දෝ වියදමින් ජර්මනියෙද කොහෙද රජයේ වියදමින් ගෙනිහින් කෘතීම අතක් හයි කොරනවා කියන්නේ.ඒකිගේ අප්‍රතිහත මොකද්ද එක නිසා එකී වටෙන් නෑලු.යකෝ මේකිගෙ ඝනකම.
හරියට නිකන් දොස්තරලා දිනපතා ලෙඩ්ඩුන්ගේ අත පය කපා දානව වගේ කතාව.මෙච්චර කල් ඒ දොස්තර මහත්තුරු අතින් සුවපත් වෙච්ච ලෙඩ්ඩු කීයක්නන් මේ රටේ ඇත්ද.
එකත් කමක් නෑ කියමුකො.යකෝ මේකිගෙ අප්‍රතිහත මෙව්වා එක ගැන කතා කරන්නේ මෙකිට ආණ්ඩුව නයයි වගේනේ.අපේ රට බේරගන්න යුද්ද කරපු අය්යියල මල්ලිලා කීදෙනෙක් රණවිරුසේවනේ ඉන්නවද අද අතපය නැතුව.ඇස්කන් පෙන් නැතුව.ඒ උනත් අද වෙනකන් ඒ එකෙක්වත් ටීවී වල පත්තර වල කෑගහුවද ආණ්ඩුව මේවට වගකියන්න ඕන කියල.රජයෙන් ඒ මිනිස්සුන්ව ජර්මනියෙ ගිහින් සාමාන්‍ය පරිදි වැඩ කරන කෘතීම අත් එයාලට ලබා දෙනවද.අන්න මිනිස්සු කෑගහනවනන්.
යකෝ මේ කොහෙවත් යන ගෑනු පාඩියෙක් කෑගහනවා ලොව 2ක් වෙන්ඩ.මුන්ගේ කටවල් වලට හරහා දාල රෙ*** ඕන.
සිතුවිලි ගොඩක් හිතට ආවත් පිට කොරන එක හොඳ මදි නිසා ප්ලේන්ටී එකට සල්ලි ගෙවල අප් ටික යන්ඩ පිටත් උනා මාලිගාවට.
"මුගේ අම්***************".... ශී ශී....... හරිම කුජීතයි මගේ කටින් පිටවුනු වදන් පෙළ.
අචලත් එක්ක තරහින් ආපු මගේ කකුල වැදුන ගලක.අසරණ ගලට අම්මෙක් නෑනේ.ඒ නිසා බැනල වැඩක් නෑ.

අචල අක්කේ අපි ඔයා එක්ක තරහ නෑ.ඊළඟ ආත්මෙවත් මොලේ තියන ගුණමකු නැති ඔයිට වැඩ ටිකක් ලස්සන සෙ** කෑල්ලක් වෙලා ඉපදේවා කියල ප්‍රාර්ථනා කරන්ඩ.අක්කට නිවන්සුවම අත්වෙන්ඩ ඕන.සාදු සාදු සාදු.

ආයු බෝ වේවා එහෙනං ! ! ! ! !

No comments:

Post a Comment